මා වඩාත් ප්‍රිය කරන්නේ සජීවී මොහොතක් නිශ්චලව ඡායාරූපයට නගා ගැනීමටයි. ඒ අවස්ථාවේ අප දකින දෙයිනුත් හොඳම මොහොත ඡායාරූප ගත කිරීම තමයි දක්ශතාවය. ජනමාධ්‍ය සහ ක්‍රීඩා ඡායාරූපශිල්පීන් විසින් සිදු කරන්නට උත්සහ කරන්නේත් එයයි. මගේ වැඩි කැමැත්තද එයයි. මේ ඡායාරූපය මම ගන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගිය අවස්ථාවක. මමත් මගේ බිරිඳත් දුවත් මගේ මිතුරෙකුත් 2017 අවුරුද්දේ අප්‍රියෙල් නිවාඩුවට ත්‍රිකුණාමලයේ ගියා. ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 40ක් ගියපසු හමුවන එකම සිංහල ගම්මානය වන සාගරපුර ගමේ අරණ්‍ය පුදබිම කිට්ටුව ඇති පන්සල තමයි අපේ නවාතැන වෙන්නෙ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්ච්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයිති මේ ගමේ පන්සලට පහලින් තිරියායි පාලම අසල ඇති කලපුව්වේ සංචාරක ධීවරයන් පිරිසක් තම ජීවිකාව කරගෙන යන වාඩියක් තිබුනා. හරියටම මේ තැන තියෙන්නෙ 40 වන කිලෝමීටර් කනුව අසලමයි. දින කිහිපයක් අපි එහි සිටියා. ඒ දිනවල කරේ සුපුරුදු පරිදි කැමරාවත් එක්ක කරන සංචාරයම තමයි. දිනක් අපි ත්‍රිකුණාමලයේ ගොස් නැවත පැමිණෙන අවස්ථාවේ වාඩියේ සිටි දරුවන් පිරිසක් අවුරුදු උත්සවයක් පවත්වමින් හිටිනු දක්නට ලැබුනා. අහම්බෙන් වගේ මේ තැනට යන්නට ලැබුන අවස්ථාව හොඳම අවස්ථාවක් වෙයි කියන ලකුණු මම දුරතියාම දැක්ක. ඒක දරුවන් හය හත් දෙනෙක් එකතුවෙලා කරන එයාලගෙම අවුරුදු උත්සවයක්. එක්කෙනෙකුගේ අතේ කොලයක් තිබෙනු දක්නට ලැබුනා. එහි ලියාතිබුනේ මේ අවුරුදු උත්සවයට අදාල තරග විස්තරය.එයාලම විනිශ්චය කරගෙන තමයි මේ අවුරුදු උත්සවය කරගෙන ගියේ. වාඩියේම සිටින මහලු වැඩිහිටියන් කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට මේ අවුරුදු උත්සවය බලන්නට පැමිණසිටියේ අප පමණකි. වාඩියේ සිටි අය තමන්ගේ රාජකාරිවල නිරතවෙමින් සිටිනු දක්නට ලැබුනා. අවුරුදු උණුසුමේ අවුරුදු උත්සවයක් පැත්ත පලාතකවත් නැති ප්‍රදේශයක ජීවත් වෙන මේ දරුවන්ට ලොකු ආසාවක් හිතේ තියෙන්න ඇති. සිංහල පවුල් 12 ක් පමන ජීවත්වන මේ ප්‍රදේශයේ ඇති එකම සිංහල ගම්මානය තමයි සාගරපුර. හැබැයි මේ සංචාරක ධීවරයන් හලාවත ප්‍රදේශයේ අය. පවුල් 15ක් පමන මේ වාඩියේ ජීවත් වෙනවා. අවුරුදු උණුසුමේ එයාල පවත්වපු අවුරුදු උත්සවයේ එක් අවස්තාවකදී ගන්නට ලැබුනු ඡ්යාරූපයක් තමයි මේ. මේ එයාලගෙ බාධක දිවීමේ ඉසව්වේ උද්වේගකරම අවස්තාවක්. ෂොපින් බෑග් වලට වැලි පුරවල කනාමුට්ටි ගහපු හැටිත් විශේෂයි. එයාලට තෑගි දෙන්න කවුරුවත් හිටියෙ නෑ. අපි ලඟ තිබුන බිස්කට් පැකට් කිහිපයක් එයාලගෙ තෑගි වලට දෙන්න අපිට පුළුවන් වුනා. 2017 රාජ්‍ය ඡායාරූප උළෙලේ ජනමාධ්‍ය හා ක්‍රීඩා අංශයට මම ඉදිරිපත් කරපු මේ ඡායාරූපයට කුසලතා සම්මානයකුත්, ජාත්‍යන්තර ඡායාරූප තරඟ කිහිපයක ප්‍රදර්ශනය සඳහා තේරීපත්වීමටත් මේ ඡයාරූපය සුදුසුකම් ලැබුවා.
සටහන සහ ඡායරූපය : සුරේෂ් එස්. වීරසිංහ
2020.03. 27
ඡායාරූපයක තිරය පිටුපස කතාව The Story Behind The Photo (01)
සටහන සහ ඡායරූපය : සුරේෂ් එස්. වීරසිංහ
2020.03. 27
Photographed By : © Suresh S. Weerasinghe

ඉතා රසවත්.දිගටම ලියන්න.
ReplyDeleteඉතා රසවත් .දිගටම ලියන්න
ReplyDeleteචායරූපයට අදාල කතාව දැන ගැනීම ඒක අලුත් විදියකින් රස විදින්නට මාර්ගයක්.
ReplyDelete