Photographed By : © Suresh S. Weerasinghe
මම වෘත්තීය වශයෙන් විවාහ මංගල ඡායාරූපකරණය සිදුකරන අයෙක් වෙමි. උදේ පාන්දරින් රාජකාරි ඇරඹීම එම වෘත්තීය තුල ඇති අනිවාර්ය කාර්‍යයක් වේ. සමහර අවස්ථාවලදී කැමරාව සූදානම් කරගෙනම ගෙදරින් වාහනයට ගොඩවන දවස් නැතුවාම නොවෙයි. ඒ අදාල රාජකාරී කටයුත්තට නම් නොවේ. යන එන මග විශේෂ දෙයක් හමුවේ යැයි බලාපොරොත්තුව හිතේ තබාගෙන යන නිසාවෙනි. ඡායාරූප කලාව පිළිබඳ විෂය මා හදාරන්නේ ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙකුගෙන් නොවේ. ගුරුවරුන් 20 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් යටතේ එකිනෙකට වෙනස්වූ විෂය කරුනු කිහිපයක් ගැන අධ්‍යාපනය කටයුතු ඡායාරූප ක්ශේත්‍රය තුල හදාරා තිබේ. එකින් එකට වෙනස් වූ මේ ගුරුවරුන් සමග කතාබස් කිරීම තුලින් ලබාගන්නා ඔවුන්ගේ අත්දැකීම් දැනුම් සම්භාරයකි. දිනක් එක් ගුරුවරයෙක් කියූ කාරනාවක් මා තරයේ හිතේ තබාගත්තාය. එනම් " සති ගානක් වැස්සක් නැතුව පායල තිබිල රෑ ඉඳන් එලිවෙනකන් දවසක් වැස්සම උදේට හොඳට ඉර පායනව නම් අන්න මරු". "කොච්චර වියලි පලාතක උනත් තද මීදුමක් ඇතිවෙනව. පින්තූර ගන්න කියාපු දවසක් ඒක." ඒ කාරනව මට මොනතරම් වැදගත් වුනාද කිවහොත් එවැනි දවසක් උදාඋනොත් තනිවම මම උදේ පාන්දරම පින්තූර ගන්නට ගිය අවස්තා කිහිපයක්ම තිබේ. එදා දවසත් ගුරුවරයා කියූ ලෙසම කාලයක් තිස්සේ වැස්සක් නැතුව තිබී පරිසරයම වේලුම් කා තිබූ කාලය අවසන් කර පෙරදා රාත්‍රියේ සිට පසුදා පාන්දර වනතුරුම වැසි ඇදහැලෙන්නට වූ දිනයකි. පසුදාට යෙදී තිබූ විවාහ මංගල උත්සවයේ ඡායාරූප ගැනීමට තිබුනේද එලිමහනක නිසා හිතේ දෙගිඩියාවෙන් නින්දට ගිය දිනයක්. උදේ පාන්දරින් අවදිවන විට වැස්ස නැවතී තිබුනි. සැනසුම් සුසුම් හෙලන්නට විය. ඡායාරූප ගැනීමට යන ප්‍රදේශය ගැන අවබෝධයක් තිබුනේද මීට පෙර කිහිප වතාවකම මංගල උත්සව සඳහාම ඡායාරූප ගැනීමටගොස් තිබුන පලපුරුද්ද නිසාය. යන මාර්ගයත්, මග දෙපස ගැනත් අවබෝධයක් මාහට විය. සුපුරුදු පරිදි මාගේ සගයාගේ මෝටර් රථය නිවසට පැමිණිපසු කැමරා ආපන්න ඇතුලු අවශ්‍ය සියලුම උපකරණ පටවාගත් අපි යන්නට පිටත් වුනේ කැමරාව සූදානම්කරගත් මා ඉදිරි අසුනේ හිඳගත් පසුය. වැස්ස නිසාම වෙනදාට වඩා ටිකක් ප්‍රමාදව අපි පිටත් විය. මාහට ලැබී ඇති කාලය මා විසින් කළමනාකරණය කරගෙන තිබිනි. මාර්ගය ඔස්සේ බේරුවල නගරයෙන් ඇතුලට කිලෝමීටර 4ක් පමණ යාමට අපට සිදුවෙයි. මග දෙපස කුඹුරු යායවල් කිහිපයක් පසුකරවිට හමුවන්නේ රබර් වතුය. පාර දෙපැත්තේ ඇති රබර් ගස් අතරින් යන්තමට හිරුඑලිය එබීබලන ආකාරය පෙනෙන්නට විය. ඒ සමඟම මීදුමෙන් පරිසරයම වෙලාගෙන ඇත. උදෑසන මිනිසුන් තම එදිනෙදා රාජකාරීවලට පිටත්ව යයි. ඒ අතර අපි සෙමින් ඉදිරියට ඇදෙයි මා අත කැමරාව සූදානම්ව ඇත. දුර තියාම මට පෙනෙන්නට වූ දසුනක් විය. එනම් ඈතින් එක් ස්ථානයකට රබර් ගස් අතරින් පාරට වැටී ඇති හිරු කිරණයි. මීදුම කපාගෙන වැටනෙ හිරු එළිය මීදුම නිසාම අපූරුවට පෙනෙයි. ඒ මීදුම් දුමාරයකි. ඒ දසුන බලාගෙන යනවාත් සමඟම ක්ෂනිකව අපේ රථයට පසුවුනේ අම්මාගේ අතින් අල්ලාගෙන ඉදිරියට ඇදෙන දියණියකි. ඔවුන්ව අපට පසුවූයේය. ඒ සමඟම මදක් ඉඳිරියට ගොස් පාරේ අයිනකට කර මෝටර් රථය නතර කරන මෙන් මාගේ මිතුරාට මම කියා සිටියේය. රථය නතර විය. තවම මා ඒ තුලය. ඉදිරියෙන් ඇත්තේ සුන්දර රාමුවකි.එයට අපූර්වත්වය ලැබී ඇත. එහි අපූර්වත්වය දෙගුන වීමට නම් එයට ජීවය ලැබිය යුතුමය. එය තව මොහොතකින් ලැබෙන බව මට ඉතා විශ්වාසය. මෝටර් රථයේ සිට මා බලා සිටින්නේ අපට පසුවූ අම්මා සහ දියණිය නැවත අප පසුකර යනතුරුය. මා අත Canon 6D වර්ගයේ කැමරාව සහ එයට සවිවූ 70-200mm වර්ගයේ Lens එකකි. අම්මත් දුවත් අප පසු කලේය. මා ඔවුන්ට නොදැනෙන්න මෝටර් රථයෙන් බැසගත්තාය. ස්නයිපර් තුවක්කු කරුවකුමෙන් මම ඔවුන්ට නොදැනෙන්නට ඔවුන්ට මීටර් 40ක් පමණ දුරින් ඔවුන් පසුපසය. කැමරාවෙ View Finder එක තුලින් මට අදාල රාමුව සකසාගෙන හමාරය. අදාල ආලෝක තත්වයට සහ, ඉදිරියට යන ප්‍රධාන අරමුණේ චලනයට අදාලව කැමරාවේ සියලු අංග සකසාගෙන හමාරය. ඒ මාගේ වෘත්තීය නිපුනතාවයයි. උච්චතම අවස්තාව තව මොහොතකින් උදාවේ. පාරට වැටී අති හිරු කිරණ යටින් අම්මාත් දුවත් අත් අල්ලාගෙනම ගමන් කරන බව මාගේ විශ්වාසයයි. එය එසේම විය. මගතොට වෙන කිසිවකු නැත. අනවශ්‍ය බාධල නැත. එය ඒ මොහොතේ මාහට වාසනාව උදාකරන්නක් විය. ඡායාරූපශිල්පියෙකුට වාසනාව බලාපායි. මොහොත උදාවිය. Shutter බොත්තම දෙපාරක් ඔබන්නට විය. උදෑසන 7.32 ලෙස පින්තූරයේ සටහන් විය.
සටහන සහ ඡායරූපය : සුරේෂ් එස්. වීරසිංහ
2020.03.29
ඡායාරූපයක තිරය පිටුපස කතාව The Story Behind The Photo (03)
සටහන සහ ඡායරූපය : සුරේෂ් එස්. වීරසිංහ
2020.03.29
ඡායාරූපයක තිරය පිටුපස කතාව The Story Behind The Photo (03)

No comments:
Post a Comment