Photographed By : © Suresh S. Weerasinghe
පෙර සුදානම වාසනාවට හේතුවූ අවස්තා කිහිපයක්ම මාගේ ඡායාරූප දිවියතුල ඇත. වෘතීයෙන් විවාහ මංගල ඡායාරූපශිල්පියෙක් වන මා හට ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල සංචාරය කිරීමට අවස්ථා ලැබී ඇත. එය සුළුවෙන් තැකිය හැකි වාසනාවක් නම් නොවේ. රැකියාවත් සමගම නොමිලේ ලැබෙන අමතර දීමනාවක් ලෙස මට සිතෙයි. ඒ අමතර වාසිය නිසාම එවැනි ගමන් වලදී මාගේ ඡායාරූප එකතුවට ලැබුණු අමිල අවස්ථා ගැන මතක් කල යුතුමය. මේ එවැනි අවස්ථාවකි. තවද මාගේ ඡායාරූපවල ශ්‍රී ලාංකික අනන්‍යතාවය රඳවා තබාගැනීමට හැකි සෑම අවස්ථාවකම උත්සහයක් ගැනීමටද මම අමතක නොකරමි. එය කොතරම් දුරට සත්‍යයක්ද බව මාගේ ඡායාරූප රසවිඳින කෙනෙකුට වැටහේ.
2017 වර්ෂයේ ජනවාරි මස 23 වන දිනට වෙන්වී තිබුනු විවාහ මංගල්‍ය උත්සවයක ඡායාරූප ගැනීමට තිබුනේ මා හට ඉතාම සුවිශේෂී වූ පලාතකය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කලංකුට්ටිය සුන්දර ගම්මානය මගේ උපන්බිමයි. එම ප්‍රදේශයේ මංගල උත්සවයක ඡායාරූප ගැනීමට මට අවස්තාවක් ලැබෙන්නේ පළමුවරටයි. එම කාරනා නිසාම මට එය සුවිශේෂී වේ. කෙසේ නමුත් අදාල දිනයට දින දෙකකට කලින් එහි යාමට මම තීරණය කලේ මාගේ දිනපොත ඒ දවස් කීපයට වෙන්වූ කාරන නොතිබූ නිසාවෙනි. 21 වන දින ගමට පැමින විවේකීව ගත කලේය. මංගල උත්සවයට අදාලව ඡායාරූප ගැනීමට යොදාගෙන තිබුනේ කලාවැව ආසන්නයේය. පෙර කිසිදිනකත් එම ප්‍රදේශයේ මංගල උත්සවයක ඡායාරූප ගැනීම පිලිබඳ කිසිදු අත්දැකීමක් නොතිබූ මට කලින්ම එම ස්ථානයට ගොස් අවට වටපිටාව දැක ගැනීමට දැඩි උවමනාවක් තිබෙන්නට විය. එය මගේ රාජකාරිය සාර්ථකව ඉටුකිරීමට ඉමහත් පිටුවහලක් වන බව මා දැන සිටි බැවිනි. පෙර සූදානම කෝකටත් හොඳය. එය මාගේ වෘත්තීය අත්දැකීමයි. මංගල උත්සවය පෙර දිනයේ දහවල් කාලයේ කලාවැවට යාමට පිටත්වූයේ සුපුරුදු පරිදි මෝටර් රථයේ ඉදිරිපස අසුනේ මාද, රියදුරු අසුන මාගේ බිරිඳට බාරකරමින්. මට වඩා අවුරුදු 10ක 12ක පමණ පලපුරුද්දක් ඇයට ඇත්තේ රථවාහන ධාවනය සම්බධයෙන් පමනි. ඡායාරූපකරණය සම්බන්ධයෙන් නම් මම ඇයට වඩා ඉදිරියෙන්. වටපිට සිරිනැරඹීමේ කාර්‍යය වඩාත් පහසු මෙන්ම ඵලදායීවන්නේත් මට ඒ වාසිය නිසාය. කැමරාව සහ කාච ( Lens ) කිහිපයක් අතැතිව මෝටර් රථයේ ඉදිරි අසුනේ ඉඳගත් පසු ගමන ආරම්භ විය.
රැජින මාවත ඔස්සේ කලාවැව බලා පිටත් විය. බුල්නෑව,ගල්නෑව, අව්කන පසුකර කලාවැවට යාමට ඇති මාර්ගයයි. දෙවන එලිසබෙත් රැජින වික්ටෝරියා වේල්ල විවෘත කිරීමට ශ්‍රී ලංකාවට පැමිනි අවස්තාවකදී මේ මාර්ගය ව්වෘත කිරීමට පැමිනි බව මාගේ මව විසින් කලකට ඉහතදී කියා තිබුනි. එබැවින් එයට රැජින මාවත යැයි කියනු ලැබේ. පාර දෙපස වැවී තිබුනු රූස්ස ගස් නිසාම හරියට බිම් ගෙයක් ඇතුලෙන් යනවාමෙන් දැනෙන්නට විය. මට මතක ඇති කාලයේ පටන්ම එසේය. කොතරම් වියලි කාලගුණයක් පැවතියත් ඒ ගස්වලින් ලැබෙන සෙවන සහ සිසිලස නිසාම විඩාවක් නොවන්නේය. මග දෙපස පොඩියට සාදාගත් තාවකාලික වෙළදසැල් තැනින් තැනය. ඒ තැනක නැවතී තමබපු බඩඉරිඟු කරල් කීපයක රස බලා නොගියොත් ඒ ගමනේ සුන්දරත්වය නැතිතරම්. එය විඳගැනීමටද අපි අමතක නොකලෙමු. මේ ගමන අතරතුර හිත නැවතුන සමහර තැන්වල මෝටර් රථය නවතා ඡායාරූප කීපයක් ගැනීමට මම අමතක නොකලේය. කලාවැව සිට කැකිරාවට දිවෙන ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ කලාවැවේ වැව් බැම්ම දිගේය. එය කිලෝමීටර් කිහිපයක් දිගට දිවේ. වැව් බැම්මට ලඟා වන අවස්තාවේ මන්දාරම් ගතියක් දකින්නට විය. කොහෙත්ම වැස්සක සලකුනු නම් දක්නට තිබුනේ නැත. ඒ වන විට වේලාව දහවල් 2 පසුවී තිබුනි. යෝධ ඇලෙන් ගලා බසින්නේ කලාවැවෙන් ලැබෙන මහා වතුර කන්දරාවත් අරගෙනය. යෝධඇලේ බැස්ම සැතපුමට අඟලක් බව ඉතිහාසයේ සඳහන්වේ. ඇලට වතුර ලැබෙන සොරොව්ව පසුකර වැඩි දුරක් යන්නට ලැබුනේ නැත. මෝටර් රථයේ සිටම ඈත බලාගෙන ආ මට පෙනෙන්නට වූයේ බලාපොරොත්තු නොවූ දර්ශනයකි. අපට ඉදිරියෙන් මහා වැස්සක් කඩා හැලෙයි. එය ඈත සිටම පෙනෙන්නට විය. ඒ දෙසට අප දැන් ඉතා ඉක්මනින් ලංවන බව පෙනෙයි. යමක් මතකයට ආවර්ජනය වන්නට විය. " වැස්ස කියන්නෙ පින්තූර ගන්න කියාපු සාධකයක්. " " අපේ අය වහිනකොට කැමරා හංගගෙන බෑග් වල දාගෙන ඉන්නව කැමරා තෙමෙයි කියල." වැස්සෙනෙ පින්තූර තියෙන්නෙ. " වැස්ස වෙලාවක ඇති තරම් හොඳ ඡායාරූප ගන්න පුලුවන්." කැමරාවත් ප්‍රවේසම් කරගෙන මේ වැඩේ කරන්න පුලුවන්" මා ඡායාරූපකරණය හදාරන කාලයේ ගුරුවරයෙකුගෙන් ලද අත්දැකීමකි.
මා අත Canon 70D මාදිලියේ කැමරාවකි. ඒ මොහොතේ එයට සවිකර තිබුනේ 70-200mm වර්ගයේ කාචයකි (Lens). මට පෙනෙන්නට වූයේ හදිසියේ කඩාහැලුනු වැස්සෙන් බේරීමට කුඩ ඉහලාගෙන පාරේ වම්පැත්තේ සිටින කාන්තාවන් පිරිසකි. කාන්තාවන්ට කුඩයක් අතේ ගෙනයාමට අව්ව වැස්ස අදාල නැත. කුඩයක් ළඟ නැති කතක වේනම් ඒ මාගේ බිරිඳ පමණකි. ඇය කුඩ ගෙනයන කෙනෙක් නොවේ. තද සුළගකුත් සමගම ආ වැස්සෙන් බේරීමට යන්නට තැනක්වත්, වෙලාවක් වත් කිසිම කෙනෙකුට ඒ මොහොතේ නැත. මෝටර් රථයේ වීදුරුව තුලින්ම මම කැමරාව මානන්නට වූයේ රථයේ වේගය අඩුකරන ලෙස බිරිඳට දන්වමිනි. ඇය ඉතා ඉක්මනින් වේගය අඩාල කරන්නට විය. මම ඇයට නැවතවරක් කීවේ "දැන් නතරකරන්න" කියාය. කැමරාවේ සියලුම අංග උපාංග ක්ෂනයකින් සකසාගත් මා මෝටර් රථයේ සිටම පින්තූර කිහිපයක් ගන්නට විය. මොහොතකින් ඉදිරිය නොපෙනී යන තරමටම වැස්ස තදවිය. මට ලැබුනු කාලය තත්පර කිහිපයකි. වේලාව දහවල් 2.37 ලෙස පින්තූරයේ සටහන් වී තිබුනි. මේ ඡායාරූපය හොඳින් බලන කෙනෙකුට මෙහි දකුනු කෙලවරේ මනුස්සයන් දෙදෙනෙකුගේ චායාවන් දෙකක් පෙනේ. ඒ ඉදිරියට දිව එන මිනිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා අත බිලීපිති දෙකක් වේ. ඒ දෙදෙනාවද වෙනම ඡායාරූපයකට ගැනීමට මට හැකිවිය. ඒ තරමක් ඉදිරියට ගිය පසුය. ඒ ඡායාරූපයද මා සතුව ඇත.

සටහන සහ ඡායාරූපය : සුරේෂ් එස්. වීරසිංහ

No comments:
Post a Comment